රවීන්ද්‍රනාථ් ඨාකුර්
February 4, 2010
![]() |
|
|---|---|
ළමා කාලය
කි‍්‍ර.ව. 1861 ක් වූ මැයි මස 7 වන අඟහරු දින අලුයම තුනට, ‘මහාරිෂි’ දේවේන්ද්‍රනාථ් ඨාකුර්ට දාව ශාරදා දේවීගේ කුසින් බිලිඳෙක් උපන්නේය. රවීන්ද්‍රනාථ් ඨාකුර් නම් වූ මේ බිලිඳ්‍ර, දරුවන් දාහතර දෙනකු ගෙන් යුත් ඨාකුර් පවුලේ බාල දරුවා ය. බෙංගාලයේ ( භාරතයෙන් වෙන් නො වූ භූමි ප‍්‍රදේශයකි) ශිලාඉදහ නම් ගම්මානයේ පරම්පරා වතු යායවල ජීවත් වූ මොහු, ඉතා දුක්ඛිත සහ කර්කශ ලෙස සිය ළමා කාලය ගෙවීය.
එහෙත් සිය ළමා කාලයේ විවිධ අවස්ථාවන්හි දී වූ ඉතා රසවත් සිදුවීම් පෙළක් සහ පවුල් පසුබිම පිළිබඳ තොරතුරු, පසුකාලීන ව එතුමා විසින් රචනා කරන ලද ‘මා කුඩා කල’ නමැති ග‍්‍රන්ථයේත් ‘ජීවිත ස්මරණය’ නමැති ග‍්‍රන්ථයේත් සඳහන් වේ. එනමුත් එතුමාගේ ජීවන තොරතුරු පූර්ණ ලෙස අනාවරණය වන්නේ හේමලතා දේවී (එතුමාගේ වැඩිමල් සොයුරාගේ දියණිය) විසින් රචිත ‘රවීන්ද්‍රනාථ් නිවසේ දී’ නමැති ග‍්‍රන්ථයෙනි.
කුඩා රවීන්ද්‍රනාථ්
19 වන සියවසේ අග භාගය යනු ආගමික, සාහිත්‍යමය සහ ජාතික වශයෙන් බෙංගාලය තුළ දැඩි ආන්දෝලනයක් ඇති වූ යුගයකි (වර්තමානයේ, බෙංගාලය වෙනම දේශයක් වුව ද එකල භාරතයට ම අයත් ප‍්‍රාන්තයක් ලෙස පැවතුණි) ජාතික වශයෙන් ඇති වූ ආන්දෝලනය ඇත්ත වශයෙන් ම දේශපාලනික ආන්දෝලනයක් නොව, ජාතික හැඟීම් පුබුදුවන අදහස් ජනතාව අතර ප‍්‍රචලිත කිරීමේ ව්‍යාපාරයකි.
බෙංගාලයේ ඇති වූ මෙම ආන්දෝලනයන්ට ඨාකුර් පවුලෙන් මනා සහයෝගයක් ලැබිණ. ‘මහාරිෂි’ දේවේන්ද්‍රනාථ් මෙම ව්‍යාපාරවලට සම්බන්ධ ව කටයුතු කළ ප‍්‍රමුඛ පෙළේ සාමාජිකයෙක් වූ බැවින් ඔහුට නිවෙසේ රැඳී සිටීමට කාල වේලාව නොලැබුණු තරම් ය. රවීන්ද්‍රනාථ්ගේ මව ද ඉතා භයානක බෝවන රෝගයකින් පෙළෙමින් සිටියාය. කුඩා රවීන්ද්‍රනාථ් ව සම්පූර්ණයෙන් ම පාලනය කළේ මෙහෙකරුවන් විසිනි.
ළමා චිත්ත ස්වභාවය තේරුම් නොගත් මොවුහු, නිතර ම මේ කුඩා දරුවාගේ නිදහස සීමා කරන්නට වූහ. ඔහුට තම සහෝදර සහෝදරියන්ගේ ආශ‍්‍රය පවා නොලැබිණ. එමෙන් ම ළමයකු ලෙස අත්විඳිය යුතු දේ ළමා කාලය තුළ අත්විඳීමට නොලැබීමත්, ළමා කාලය කෙළිදෙළෙන් ගත කිරීමට අවකාශය නොලැබීමත් නිසා කුඩා රවීන්ද්‍රනාථ්ගේ මනස දැඩි ව්‍යාකූලත්වයකට පත්ව තිබුණේය. ඔහු බාහිර ලෝකය විනිවිද දුටුවේ තම මනස නමැති කැඩපතින් පමණි.
රවීන්ද්‍රනාථ්ට නිසි වයස එළඹෙන විට ඔහුගේ පියා විසින් ඔහුව පාසැල් අධ්‍යාපනය සඳහා යොමු කරන ලදි. එහෙත් තමා මවාගත්, කල්පනාව නමැති ඉමක් කොණක් නොපෙනෙන අහස් කුසෙහි නිදහසේ සැරිසරන මේ ළමා චරිතය පාසැල් අධ්‍යාපනයට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. ඔහුට අවශ්‍ය වූයේ ජීවිතයේ බැඳීම්වලින් නිදහස්ව, නිදහස් සිතුවිලි තුළ ජීවත් වීමටය. කල් ගත වෙත් ම රවීන්ද්‍රනාථ් තම පියා සමග හිමාලයට සහ ඩල්හෝජී ප‍්‍රදේශයට චාරිකාවක යෙදුණේය.

Posted by Nagoda Madumi
February 19th, 2010 at 11:02 pm
ZIcTrO xxmmmigyvzbp, [url=http://koohubhhzwpr.com/]koohubhhzwpr[/url], [link=http://knzmqntmaghf.com/]knzmqntmaghf[/link], http://hqaymamwtgum.com/
April 3rd, 2010 at 10:57 am
Hi I reach your site by mistake when i was searching bing for this wii issue, I must say your site is really helpful I also love the design, its amazing!. I dont have that much time to read all your post at the moment but I have bookmarked your site and also signed up for your RSS feeds. I will be back in a day or two. thanks for a great site.
April 3rd, 2010 at 2:03 pm
You got great honest points here. I done a search on the issue and learnt most peoples will agree with your blog.
April 4th, 2010 at 6:22 am
Thanks for taking the time to discuss this, I feel strongly about it and love learning more on this topic. If possible, as you gain expertise, would you mind updating your blog with more information? It is extremely helpful for me.
April 4th, 2010 at 6:23 pm
This is a really good read for me, Must admit that you are one of the best bloggers I ever saw.Thanks for posting this informative article.
April 6th, 2010 at 9:34 pm
this was a really quality post. In theory I’d like to write like this too - taking time and real effort to make a good article… but what can I say… I procrastinate a lot and never seem to get something done.
April 7th, 2010 at 9:41 am
Took me time to read all the comments, but I really enjoyed the article. It proved to be very useful to me and I am sure to all the commenters here! It’s always nice when you can not only be informed, but also entertained! I’m sure you had joy writing this article.
April 12th, 2010 at 4:49 pm
This is a really good read for me, Must admit that you are one of the best bloggers I ever saw.Thanks for posting this informative article.