February 17, 2010
මනුෂ්‍යයන්ගේ පැවතීම පුරාවට හිරු හා සඳු විසින් කාලය නිරූපණය කිරීම හා සංකේතවත් කිරීම කරනු ලබයි.
හෝරා යතුරක වැලි ගලායාම ගතවු කාලය පිළිබඳ සලකුණත් තබා ගැනීමට භාවිතා කල හැක. එය දැඩි ලෙස අතීතය හා අනාගතය අතර ඇති ලෙස වර්තමානය නිරූපනය කරයි.
කාලය යනු අවස්ථා අනුපිලිවෙල ගත කිරීමට සිද්ධි සඳහා ගතවන කාල හා ඒවා අතර විවේක කාල සංසන්දනය කිරීමට හා වස්තු වල චලනය ප්‍රමාණ කිරීමට භාවිතා වන මිනුම් පද්ධතියේ මුලික සංරචකයයි. කාලය, ආගම, දර්ශනවාදය හා විද්‍යාව යන අංශ වල ප්‍රධාන විශයක් වී ඇති නමුත් විවාදාත්මක නොවන ලෙස සියළු ක්ෂේත්‍ර වලට ගැලපෙන පරිදි කාලය අර්ථ දැක්වීමට ශ්‍රේෂ්ඨතම ශ්‍රාස්ත්‍රවන්තයන්ටත් නොහැකි වී ඇත.
භෞතික විද්‍යාවේදී හා අනෙකුත් විද්‍යා වලදී කාලය, මුලික රාශි කිහිපය අතරින් එකක් ලෙස සැලකේ. ප්‍රවේගය වැනි රාශි අර්ථ දැක්වීමෙන් අර්ථ දැක්වීම් වල වක්‍ර බවක් ඇති විය හැක. කාලයේ ක්‍රියාකාරී අර්ථ දැක්වීමක් පහත දැක්වේ. එහිදි කියා සිටින්නේ සම්මත චක්‍රීය සිද්ධි (නිදහසේ පැද්දෙන අවලම්භ බට්ටෙකුගේ සංක්‍රමණය වැනි) එකක හෝ අනෙකක යම් නැවත සිදුවීම ගණනක් නිරීක්ෂණය කිරීමෙන් තත්පරය ලෙස එක් සම්මත ඒකකයක් පිහිටු වීම, සංකිර්ණ පර්යේෂණ සිදුකිරීමේදි හා එදිනෙදා කටයුතු වලදී අධික වැදගත්කමකින් යුත් දෙයක් වන බවයි. මෙම ක්‍රියාකාරී අර්ථ දැක්වීම, ඉහත සඳහන් කරන ලද ගණන් කිරීමේ ක්‍රියාකාරකම හැරුණු කොට ගලායන මැනිය හැකි කාලය යන දෙයක් තිබේ දැයි යන ප්‍රශ්නය මතු කරයි.
අවකාශ කාලය ලෙස හඳුන්වන එක සන්නානයක් පිළිබඳ පර්යේෂණ මගින් අදාල ප්‍රශ්නයද සමග කාලයේ අවකාශයේ පසුබිම සමග සම්බන්ධ කෙරේ. මෙම ප්‍රශ්න වල මූල පවතින්නේ ස්වාභාවික දර්ශන විද්‍යාවේ මුල් ශිෂ්‍යයන්ගේ වැඩ වලය.
දාර්ශනිකයන් අතර කාලය පිළිබඳ වෙනස් දර්ශනයන් දෙකක් පැවතුනි. එක් දර්ශනයක් වන්නේ, කාලය යනු විශ්වයේ මුලික ව්‍යුහයේ කොටසක්, සිද්ධි අනුක්‍රමිකව සිදුවෙන මානයකි. සර් අයිසැක් නිව්ටන් මෙම යථාර්ත වාදි දර්ශනයට හිමිකම් කියන අතර එම නිසා සමහරක් විට නිව්ටෝනියානු කාලය ලෙසද හදුන්වනු ලබයි. විරුද්ධ දර්ශනය වන්නේ කාලය ලෙස හදුන්වන්නේ සිද්ධි හෝ වස්තු චලනය වන බහැලුමක් හෝ ගලායන දෙයක් හෝ නොව, මිනිස් අනුක්‍රම හා සන්සන්දනාත්මක සිද්ධි තුල වන මූලික බුද්ධිමය ව්‍යුහයේ (අභ්‍යවකාශ හා සංඛ්‍යාව සමග) කොටසකි. ගොම්ෆ්‍රයිඩ් ලෙයිබිනිස් හා ඉමැනුවෙල් කාන්ට්ගේ සමුප්‍රදාය වන මෙම දෙවන දර්ශනය කියා සිටින්නේ කාලය යනු සිද්ධයක් හෝ දෙයක් නොවන බව හා ඒ අනුව මැනිය නොහැකි බවයි.
කාලික මිනුව විසින් විද්‍යාඥයින් හා තාක්ෂණඥයන් අයත් කරගෙන ඇති අතර යාත්‍රා කිරීමේ හා තාරකා විද්‍යාවේ ප්‍රධාන සොයා ගැනීමක් විය. උදාහරණ වලට අවකාශයේ හිරුගේ දෘෂ්‍ය චලනය, හඳෙහි කලාව, අවලම්භ බට්ටෙකුගේ දෝලනය හා හදවතෙහි ගැස්ම ඇතුලත් වේ. වර්තමානයේ කාලයේ අන්තර් ජාතික ඒකකය වන තත්පරය සිසියම් පරමාණු වල යමිකිසි නිශ්චිත අති සුක්ෂම සංක්‍රමණ ගණනක් ලෙස අර්ථ දක්වා ඇත. කාලය වැදගත් සමාජීය වැදගත්කමකින් ආර්ථිකමය වටිනාකමකින් (කාලය රන් හා සමානයි) හා පුද්ගල වටිනාකමකින්යුක්ත වේ. එය එසේ වන්නේ එක් එක් දවසේ හා මනුෂ්‍ය ජීවන කාලයේ සිමාකාරී කාලය පිළිබඳ දැනීමක් ඇති කරවන නිසාය.
4 Comments |
Uncategorized | Tagged: Madumi |
Permalink
Posted by Nagoda Madumi
February 7, 2010
ආයුර්වේදයේ කුරහන්වලට ලොකු තැනක් තිබූ බව නොරහසකි. බෙහෙත් ද්‍රව්‍ය සෑදීමේදී මදටිය ඇට, වී ඇට, තල ඇට මෙන්ම කුරහන් ඇටත් පාවිච්චිකර තිබේ. පුරාණයේ සිට අද දක්වාම හන්දි වෙදකමේදී අවශ්‍ය පත්තුවලට මූලික පදනම වන්නේ ද කුරහන් පිටිය.
ලෝකයේ බොහෝ රටවල වගා කරන කුරහන් තව දුරටත් දියුණු තත්ත්වයට ගෙන ඒමටත් වැඩි අස්වනු ප්‍රමාණයක් ලබා ගැනීමටත් විවිධ රටවල් අරමුණින් නව පර්යේෂණ හරහා උසස් ප්‍රභේදයන් හඳුන්වා දී තිබේ.

මූකලන් කුරහන්,
මූතලෝන්, හමස් කුරහන්, තුනමස් කුරහන්, හැටදා කුරහන්, හනසු කුරහන්, ඇඟිලි කුරහන්, කිරි කුරහන් යනු කුරහන් වර්ග වේ.
මේ සියල්ලටම වඩා වැඩි අස්වනු ලබා ගත හැකි පහසුවෙන් වගා කළ හැකි කුරහන් ප්‍රභේද කුමක්ද යන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනටමත් හඳුන්වා දී ඇත.
අප රට තුළ පරිභෝජනයට අවශ්‍ය පමණට කුරහන් නිපදවීමක් සිදු නොකෙරෙන බැවින්ම විශාල විදේශ විනිමයක් වැය කරමින් කුරහන් ආනයනය කිරීම සිදු වේ.
මෙය කෘෂිකාර්මික රටක් ලෙස නම් දරා සිටි ශ්‍රී ලංකාව වැනි රටකට තරම් නොවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවබෝධ කර ගෙන සිටී. ඒ අනුව ඔවුහු ගොවීන් කුරහන් වගාවට යොමු කිරී

ම පිණිස වැඩි අවධානයකින් සැලසුම් සකස් කරමින්ද සිටී.
ජලය ඉතා අඩුවෙන්, ඉතා අඩු වියදමකින් පහසුවෙන් වගා කළ
හැකි කුරහන්, යලට ඇරෙන කුඹුරේ හෝ වාරි ජලය නැති විට ඒ ඉඩම්
වල හෝ ඉඩ ඇති ඕනෑම තැනක හෝ කුඹුරේ ඉස්මත්තේ ඇති පිල්ලෑවේ ඕවිටේ වුවද වගා කළ හැකිය.
1 Comment |
Uncategorized | Tagged: madumi of bmv e-villege |
Permalink
Posted by Nagoda Madumi
February 7, 2010
සුරරද සමන් සමගින් සුරඟන එවර
පැහැ නද මදාරා පරසතු මල් පතර
කර පුද වඳින රැඳි මුනි සිරිපා තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර

අපේ සාහිත්‍යයේ සුවිශේෂ අංගයක් වන ඡනකවි පිළිබඳ සැළකීමේදී ද සම්බුදු සිරිපා වන්දනාවට අදාළ ඡනකවි රා ශියක් ඇති බව පෙනේ. අපේ පැරැන්නෝ පිරී ඉතිරී ගිය ශ්‍රද්ධා භක්තියෙන්ශ්‍රී පාද වන්දනාවේ යෙදුණහ.සම්බුදු සිරිපා රැඳුණු සමනොළ කන්ද, සමන් දෙවියන් , තෙරුවන් ගුණ,ගමන්මගේ විශේෂ ස්ථාන ආදිය ඇතුළත් වු ඡනකවි වලට නිදසුන් කිහිපයකි.
බතට කන්න බැරි බතලේගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
හූනට කන්න බැරි හුන්නස් ගිරි කන්ද
මෙකඳු තුනට නායක සමනොළ කන්ද
යන්ට හොඳයි තේවතු බල බලායේ
කන්ට හොඳයි පැණිරස අග්ගලායේ
ඉන්ට හොඳයි සීතල පිනි බබායේ
වැන්දොත් හොඳයි සමනොළ පිං පුරායේ
සිරිපා වන්දනාවේ මුල්කාලීන තොරතුරු වලට සිරිපා අඩවිය සොයා ගැනීම පිලිබඳව ඡනප්‍රවාද වල සඳහන් වන්නේ මේ විදියටයි.සිරිපා අඩවිය සොයා ගෙන තිබෙන්නේ භාතිය රඡතුමා රාඡ්‍ය පාලනය කරන කාලයේදීය.භාතිය රඡතුමාට ආවතේව කළ පුද්ගලයා හැඳින්වූයේ ”කොටා ” යන නමිනි.භාතිය රඡතුමාගේ මල් උයනේ දවසින් දවස මල් අඩුවෙන්නට පටන් ගත්හ. කවුරු හෝ තම මල් වත්තේ මල් සොරකම් කරනවා යැයි රඡුට සිතිණි.රඡතුමා හොරා අල්ලන්න කොටා ට භාර කළා.දවසක් මල් උයනේ සැඟවී බලා සිටි කොටාට දකින්නට ලැබුණේ සුරංගානාවියෝ පැමිණ මල් කඩාගෙන යන බවයි.කොටාත් සුරංගනාවියෝ පසුපසම කඳු මුදුනට ගියා.සිරිපා අඩවිය සොයා ගෙන තිබෙන්නේඵ් විදියට බව ඡනප්‍රවාදයේ සඳහන් වේ. කෙසේ වෙතත් ඉතිහාසයට අනුව පළමු වෙන්ම සිරිපා වඳින්න පැමිණ ඇත්තේ ක්‍රී.පූ.29-17 අතර කාලයේදීය.ඵකල රඡකම් කළ වළගම්බා රඡතුමා ශ්‍රී පාද වන්දනාවේ යෙදුණි.ඵපමණක් නොව ශ්‍රී පාද යේ දියුණුවට ඉතා විශාල සේවයක්කළ බවත් වංශ කතා වල සඳහන් වේ.

බු. ව.236 වන විට ශ්‍රී පාදය පූඡනීය ස්ථානයක් බවට පත්වි තිබේ.පොෙළාන්නරු සහ දඹදෙණි යුගයන් වලදී ශ්‍රී පාද වන්දනාවට විශේෂ තැනක් හිමි වූ බව ඉතිහාසයේ සඳහන් වේ. සිරිපා වන්දනාව ගැන තොරතුරු සඳහන් වන පැරණිම සෙල් ලිපි දෙක පිහිටුවා තිබෙන්නේ මහා විඡයබාහු රඡතුමා විසිනි. “අඹ ගමුව” සහ “ගීලීමලේ’ යන ප්‍රදේශවල පිහිට වූ මෙම සෙල් ලිපි පුරා විද්‍යාත්මක වශයෙන් වැදගත් වෙයි.
19 සියවසේ අග භාගය වන විටත් සිරිපා වන්දනා ගමනෙහි තිබූ දුෂ්කර බවත් ,ත්‍රාස ඡනක බවත් “ටර්නර්” නැමති ලේඛකයා මේ විදිහට පවසයි.
“………………..වන්දනා කරුවෝ නඩේ ගුරා අනුව කවි ගායනයේ යෙදෙමින් ගමනේ යෙදෙති.මාර්ගය රළුය, බිය ඡනකය,රුදුරු වන මෘගයන් ගෙන් ගහණය………”
සිරිපා වන්දනාවේ යන බැතිමත්හු යොදා ගෙන ඇති විශේෂිත වදන් කිහිපයකි. නඩේ, නඩේ ගුරා,කෝඩු . කිරි කෝඩු,සැහැල්ලුව, හිමේ, කරුණාවයි,පේවීම , කට වරද්දා ගැනීම,කෝඩේ,අම්බලම,පද්මය ඉන් කිහිපයකි.වන්දනාකරුවෝ සිරිපා ගමනේදී එකිනෙකට සුමන සමන් දෙවිඳුන් ගේ පිහිට ප්‍රාර්ථනා කරති.
මුළු මහත් ලෝක වාසීන්ගේම ගෞරවාදරයට පාත්‍රවූ සමනළ කන්ද බෞද්ධ බැතිමතුන් ගේ මුදුන් මල් කඩ සේ සැළකෙයි.”සප්ත කන්‍යා ” නම් වූ කඳු හතකින් වටවූ “ශ්‍රී පාදය ” සොබා දහම් මාතාව ගේ අපූර්වතම නිර්මාණයක් වනවා සේම ශ්‍රී ලංකාද්වීපයට ආශිර්වාදයක් වී තිබේ.
No Comments » |
Uncategorized | Tagged: madumi of bmv e-villege |
Permalink
Posted by Nagoda Madumi
February 7, 2010
පහත රට නැටුම් සම්ප්‍රදාය හා බැදුනු අතීතයේ සිට පැවත එන්නා වූ දෙවොල් මඩු ශාන්ති කර්මය ජනී ජනයාගේ යහපත සහ සශ්‍රීකත්වය පතා දෙවියන් වෙනුවෙන් පවත්වන්නා වූ මඩු ශාන්ති කර්මයකි.
ලංකාවේ පළමු දෙවොල් මඩු ශාන්ති කර්මය රුවන්වැල්ල ප්‍රදේශයේදී ඉන්දියාවෙන් පැමිනි සේරමාන නම් රජ කෙනෙකු විසින් පවත්වන ලද බව ඉතිහාසයේ සදහන් වෙයි.
ඒ මෙසේය,
ඉන්දියාවේ චෝල රාජ්‍ය කාලයේ සිට සේරමාන නම් රජුට සිටි ගෝනෙකුගේ කෑගැසීම නිසා රජුගේ නින්දට බාදා ඇතිවිය. දිගින් දිගටම ඇති වූ කෑගැසීම නිසා රජුගේ ගෝනා මැරීමට නියෝග කලේය. රාජ පුරුෂයින් ගෝනා මැරීමට පසුපස එලවද්දී උගේ පය පැටලී අසල තිබූ රජුගේ උයනෙහි පොකුණට වැටී මරණයට පත්විය. රජතුමා මෙම විපත තමාට කල බව දැනගත් ගෝනා රජු කෙරෙහි වෛරයෙන් මරණයට පත්වූවේය එම පොකුනෙහිම කුඩා මැඩියෙක්ව උපදමින්ය.
දිනක් උයනට ගිය රජු පොකුනෙහි පිපී තිබූ මානෙල් මලක් කඩා සුවද ආඝ්‍රහණය කරන විට මල යට සැගවී සිටි ගෙම්බා නහය දිගේ රජුගේ මොලයට රිංගා ගත්තේය. මෙයින් රෝගාතුර වූ රජුට නෙයෙක් ප්‍රතිකාර කලද සුව නොවීය. දිනක් රජතුමා රූමත් කතක් සිහිනෙන් දුටු අතර මේ පිළිබදව පුරෝහිත බමුණන්ට දැන්වීමෙන් ඔවුන් කියා සිටයේ සිහිනෙන් පෙනී සිටියේ පත්තිනි මෑනියන් බවත් ඇගේ ශාපයක් රජුට ඇති බවත්ය. ශාපය දුරලීමට බුද්ධාගම ස්ථාපිත රටකට ගොස් පිං පැමින විය යුතු බව ඔවුන් කියා සිටියේය.
මීට සුදුසුම රට ලංකාව යයි තීරණය කල සේරමාන රජු ඇතුළු පිරිස නැවිනැගී වත්තල් තොටින් දිවයිනට පැමිණ කැළණියට ගොස් බුදුන් වැද පත්තිනි දේවියට පිං දී නවගමුවේදී රජුගේ හිසේ ප්‍රමාණයට රන් අඹ ගෙඩියක් පූජා කරන ලදී. අනතුරුව රුවන්වැල්ලේ දී පළමු දෙවොල් මඩු යාගය කරන ලදී.
මීට තරමක වෙනස් කථා ප්‍රවෘතියක්ද කියැවෙන අතර යාග සාහිත්‍ය තුල මෙම අදහස නොමැත. එනම් සේරමාන රජු බිසව සමග නැවකින් යද්දී මලක් කඩා සුවද ආඝ්‍රහණය කල විට එහි තිබූ විෂ වායුවක් නිසා රෝගී වූ බවත් පසුව රජු වෙනුවෙන් දෙවොල් දෙවියන් නාමයට එම නැවේ කුඹ ගසක් සිටවූ බවත් ඉන්පසු යාගයක් කර රෝගය සුව වූ බව කියැවේ. දෙවොල් මඩු ශාන්ති කර්මයක දක්නට ඇති කාල පන්දම් ගස සහ බිසෝ කප එම සිදුවීම සිහි කරවන බවත් ඇතැමුන්ගේ අදහසයි. එදා පටන් දෙවොල් මඩු යාගය ඇතිවූ බව සමහරක් සාමුප්‍රදායික ශිල්ලීන්ගේ අදහසයි. එසේම දෙවොල් මඩුව ප්‍රධාන දේවාලයකට සම්බන්ධ කර එම දේවාල බිමෙහි කරන කල එය දෙවොල් මඩුව බවට ප්‍රචලිත විය.
මිනිසුන්ටත් ඔවුන්ගේ කර්මාන්ත වලට සහ ඔවුන් ජීවත් වන ස්ථානයන්ට හා ප්‍රදේශ වලටත් බලපාන්නා වූ අපල උපද්‍රව රෝග පීඩා ඇතුළු නොයෙකුත් කරදර වලදී මඩු ශාන්ති කර්මයක් පවත්වා දෙවියන්ගේ ආශිර්වාදය සහ පිහිට ලබා ගැනීමට අතීතයේ පටන් මේ දක්වා පැවත එන්නේය.
දෙවොල් මඩු, හැල්ලුම් මඩු, කිරි මඩු, පූජා මඩු, පහන් මඩු, දේවාල මඩු, තුන් දා ගී මඩු, හත් දා ගම් මඩු, ගරා මඩු, දනු මඩු ආදී වශයෙන් බොහෝ මඩු ශාන්තිකර්ම පවතින අතර පත්තිනි දෙවියන් මුල්කරගෙන මේ සියළු යාගයන් සිදු වේ. මේවා අතරින් දෙවොල් මඩු ශාන්තිකර්මය පහතරට ප්‍රචලිතව පවතින අතර සමහර ප්‍රදේශ වල සියල්ලන්ගේ ආධාර උපකාර ඇතිව දෙවොල් මඩු කරන අතර සමහරක් තම තනි වියදමෙන්ද කරන අවස්ථාද වෙයි.
පහතරට ප්‍රදේශයේ මෙම ශාන්ති කර්මය කරන කපු මහතුන් අදටත් ජීවත් වෙයි. යමෙකුට දෙවොල් මඩු ශාන්ති කර්මයක් කරවා ගැනීමට අවශ්‍ය නම් මඩු යාග සිදු කරන කපු පරම්පරාවේ මුල් කපු මහතා හමුවී අරාධනා කිරීම උදාරත්වයෙන් හෙබි සිරිතක් ලෙස හදුන්වයි. ඒ ඇරයුම පිළිගන්නා මුල් කපු මහතා පේරු හතක නොහොත් පරම්පරා හතක ඇදුරන් කැදවා මඩු ශාන්ති කර්මය පැවැත්වීමට ක්‍රියා කරන අතර දෙවොල් මඩු ශාන්ති කර්මය ක්‍රමානුකූලව සිදු කරනු ලබයි.
දෙවොල් මඩු ශාන්ති කර්මයක පෙල පාලිය මේ ආකාරයෙන් දිග හැරෙනු ඇත.
1 Comment |
Uncategorized | Tagged: madumi of bmv e-villege |
Permalink
Posted by Nagoda Madumi
February 7, 2010
R
eplica of the 500-ft152-m Maitreya Buddha statue
These replica statues are produced from the computer file made by electronically scanning the prototype for the 500ft/152m Maitreya Project statue to be built in Kushinagar, in northern India.
These high quality, beautiful statues are made from white resin and professionally finished in a gold coloured coating. They are filled with mantras which are sealed inside the statue. The statues come in a red presentation box that is securely padded.
They are available by making an offering to Maitreya Project at the amounts shown below.
Buddhism teaches that one should not sell sacred objects for personal profit. For that reason, we are not providing these statues simply as ‘for sale’, thinking of them as goods to be bought and sold. Rather, we are making them available with the wish to benefit others by generating funds to enable us to carry out the charitable work of Maitreya Project.
All of the of the proceeds from your donation will be used to build the Maitreya Project statue and support Maitreya Project’s charitable activities in Kushinagar, in the state of Uttar Pradesh, and Bodhgaya, in the state of Bihar, both in northern India.
From your side, please do not think that you are purchasing this statue. Rather, think that you are making a donation with the thought of creating benefit. By thinking in this way, you, and the millions of other beings who will receive the blessings of Maitreya Project, will receive only benefit.
4 Comments |
Uncategorized | Tagged: madumi of bmv e-villege |
Permalink
Posted by Nagoda Madumi