අපේ අභිමානය ජාතික ධජය

mainpic


රටක සුවිශේෂත්වය විදහා දක්වන වැදගත්ම සංකේතය වන්නේ ජාතික කොඩියයි. එමඟින් ජාතියක ස්වාධීනත්වය, එක්සත්භාවය, රටේ අනන්‍යතාව සහ ජනතාවගේ බලපරාක්‍රමය විද්‍යාමාන වෙයි.අප රට නිදහස ලබා ගන්නා විට ජාතික කොඩියක් ලෙස විශේෂිත වූ කොඩියක් නොවීය. එහෙයින් ප්‍රථම නිදහස් උලෙළේ දී අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතා විසින් ඉහළට ඔසවනු ලැබුවේ සිංහ කොඩියයි.ජාතික කොඩියේ ප්‍රධාන ලාංඡනය ‘සිංහ රූපය’යි. අප රටේ පැරණිම කොඩිය වන දුටුගැමුණු මහරජු භාවිතා කළ කොඩියේ ද ප‍්‍රධාන ලාංජනය වූයේ සිංහ රූපය ය. අපේ බොහෝ රජවරු සිංහ රූපය සිය කොඩිවල ලාංඡනය ලෙස යොදා ගත්හ.අප රට නිදහස ලබද්දී අපටම වූ කොඩියක් නොවූයෙන් 1815 දී බ්‍රිතාන්‍යට රැගෙන ගිය සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිළිගැනීමට යෝජනාවක් ඉදිරිපත් විය. ඉන්පසු රටේ ජාතික කොඩිය කුමක් විය යුතුද යන්න පිළිබඳ තීරණයක් ගැනීම සඳහා උපදෙස් දීමට ඩී.එස්.සේනානායක මහතා විසින් කමිටුවක් පත්කරන ලදී.
එම කමිටු නිර්දේශ අනුව අපගේ ජාතික කොඩිය 1950 පෙබරවාරි මාසයේ දී නිශ්චිත කර ගැනිණි. අභිනව ජාතික කොඩිය ප‍්‍රථම වරට එසවූයේ 1951 ජාතික උලෙළ දාය.සිංහ ධජයේ කොළපාට හා රඹ පාට වර්ණ තීරු දෙකකි. ඒ මුස්ලිම් හා දෙමළ ජනතාව නියෝජනය කිරීම සඳහාය. මෙම වර්ණ තීරුවල ප‍්‍රමාණය මුළු කොඩියේ ප්‍රමාණයෙන් 1/7 බව සම්මතව ඇති දෙයකි. සිංහයාගෙන් අදහස් කරන්නේ සිංහල ජාතිය සිංහයාගෙන් පැවැත එන්නේය යන්නය. කොඩියේ හතරැස් කොටුවේ ඇති බෝපත් සතරෙන් බෞද්ධ ජනයා නියෝජනය කරයි.1972 වසරේදී ජාතික කොඩිය සුළු වෙනසකට භාජනය විය. එනම් එතෙක් කල් පැවැති ශෛලිගත බෝ කොළ සතර වෙනුවට ස්වභාවික බෝ කොළ හතරක් නිර්මාණය වීමයි. කොඩියේ දිග පළල අනුපාතය 1.2 කි. එනම් දිග 2ක් විය පළල 1කි. සිංහයා සිටිය යුතු දිශාව වන්නේ කොළ සහ තැඹිලි පාට තීරුව දෙස බලා සිටින අයුරිනි.
මේ වනවිට ජාතික කොඩිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිත්‍ය අංගයක් බවට පත්වී ඇත.

වෙසක් පෝය…

බුදුරජානන් වහන්සේගේ තෙමගුල සිදුවුන වෙසක් පෝය..  .

mahaparinibbana

වෙසක් පෝය බෞද්ධ අපට කොතරම් වැදගත් ද කියල අයෙ කියන්න ඕන නෑ‍නේ. බුදුරදුන්ගේ තෙමගුල සිදුවූ මේ පෝය අප මෙවර සමරන්නේ 2553 වන වතාවට. ඒකියන්නේ වසර 2553න් වන බුද්ධජයන්තිය තමයි මේ 2010වසරේ අපි සමරන්නේ. බුදුරජානන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම සිදුවූ උතුම් වෙසක් දිනය රට පුරාම ඉතාම ඉහලින් සමරනු ලැබුවා. ලොකෙම වෙසෙන බෞද්ධ ජනතාව මෙදින උත්කර්ශවත් අන්දමින් සමරන්නේ තමන්ට හැකි උපරිම පරිදි, ආමිස හා ප්‍රතිපත්ති පූජා සිදුකරමිනුයි.මේ දැක්වෙන්නේ මේ මෙගුල් අවස්තායි….

රණ විරුවන්

15012009stf

රතු රුධිරයෙන් මේ මිහිතල තෙමමින්නේ

දිවා රෑ නොබලමින් ඔබමයි යුධ වැදුනේ

ජීවිත පවා ලක් මව් හට දන් දුන්නේ

පුත නුඹ නිසයි අපි අද ජීවත් වන්නේ

සිංහල කොඩිය දෝතට ගෙන දෝතින්නේ

රුදුරු කොටියා නැති කෙරුමට යුධ වැදුනේ

පසු බැස නැති නිසයි මේ සිරිලක රැකුනේ

තිස්තුන් කෝටියක් දෙවියන් නුඹ රකිනේ

නිදහස් රටක් බිහිකර දුන් විරුවන්නේ

සැමදා නුඹට තුති පුද මල් පිබිදෙන්නේ

කිරුළක් නැති වුණත් පැළදීමට නිතිනේ

නුඹත් රජෙකි හෙට ලක් මව් හට සොයුරේ

ආදරණීය මගේ අම්මා

CB106347

දස මාසයක් කුස හොවාග
මා මෙලොවට
මගේ දයාබර අම්මේ…..
නුඹේ ලේ කිරට හරවා

මට පෙවු
මා සදා ණය ගැති
මා වෙනුවෙන් නුඹ විඳි
දුක් ගැහැට අපමණයි

මගේ දයාබර අම්මේ
….

නුඹ නැති ජීවිතයක්

මට කුමකටද මගේ අම්මේ
…..

උදේ සවස නුඹගේ දෙපා මුල වැඳ වැටුණත්

ඔබට ඇති ණය

කිසිදා ගෙවා දැමිය නොහැක.

ජීවිතය

CB101888

කෂ්ර පථය නම්
මන්දාකිනිය
නිල් පැහැයෙන් හැඩ වූ
එකම ලොවක් ඇත්තේ
ගහ කොළ මල් සුසැදී
පන නල රැදී සුරැකී
ජීවිතයේ……

පිපිරෙන්නයි
ගිනි කදු ඇත්තේ
ගලා යන්න
දිය මං ඇත්තේ
මද සුළගද
රලු විය හැක්කේ
කඩා වැටෙයි
උල්කා අහසේ……

සොබා දහමෙ
මේ සියලු රහස් ගැන
දැනුවත් විය යුත්තේ
විද්‍යාවෙන්
තේරැම් ගෙන ලෝකය
ජීවත් විය යුත්තේ……..


සාමය

e0b6b8e0b6afe0b794e0b6b8e0b792

සාමය ‍යනු සහජීවනය පවතින එනම් එදිරිවාදකම් රහිතවූ අවස්ථාවකි. ප්‍රචණ්ඩ ජාත්‍යන්තර කලහයක විරාමය සනිටුහන් කිරීමටද මෙම පද වචනය භාවිත වේ; මෙම ජාත්‍යන්තර සන්දර්භය තුල අර්ථ විග‍්‍රහය කළහොත් පදයේ අර්ථය වනුයේ යුද්ධය ‍යන්නේ විරුද්ධාර්ථයයි. කිසියම් ඕනෑම පාර්ශවයන් කිහිපයක් අතර ගෞරවාන්විත සැළකිල්ල, යුක්ති සාධාරණත්වය, හා හොඳහිත යන ගුණාංග විදහාපාන සම්බන්ධතාවයක් පවතී නම් එයද සාමය ලෙස හැඳින්විය හැක. සාමාන්‍ය වශයෙන් සැලකූ කල යම් අයෙකු වෙනත් පරිසර වලට සාපේක්‍ෂව සාමකාමී ලෙස හඳුන්වන නිසල, ශාන්ත, හා සන්සුන් පරිසරයක් ඇසුරෙහි පවතින්නේ නම් ඔහුට හෝ ඇයට සාමය ලඟා විය හැකිය. ඉහත ආකාරයේ සාමයක් යම් අයෙකුට ලඟා කර ගත හැක්කේ ස්වෝත්සාහයෙන් තම ඇතුලාන්ත චරිතය “සාමලැදි” බවට පත්කොට ගෙන ස්වකීය අභ්‍යන්තරයෙහි සන්සුන් බව, ශාන්ත බව හා සමතුලිතතාවය පවත්වාගෙන යෑමෙනි.

ජීවිතය

e0b6b8e0b6afe0b794e0b6b8e0b792

නෙත් සරින් අදිසි මානයට
සිතිජ ඉමෙන් සදිසි කොදෙව්වට
තිරෙන් සර න්දහසකට
තෙරක පරතෙර නොදැක
ඉමක කඩයිම් නොගෙන
සුසුමකින් සුසුමකට
නොපැකිලිව ලැගුම් දෙන
අදින් හෙට සොයා යන
ගමනක්ය ජීවිතය………..

ගම අමතක වෙලා

e0b6b4e0b78ae0b78fe0b6bae0b6b8e0b6b4e0b783e0b6b1e0b780e0b780e0b780e0b780e0b780e0b6ba

සිදාදියට එන්නට මට
බුද්දිය උඹ තමයි එදා
පාර කියා දුනනේ
ගමෙන් උරුම වූ වස්තුව
පොදියක් බැඳ කර තියාන
උඹේ බහට රැවටීල යි සිදාදියට ආවේ

ඒ එන කොට ගෙන ආ දෙය
විය පැහැදම් කළා මිසක
මෙහි දී අලුතෙන් ඉපයූ කිසිම දෙයක් නැත්තේ
ඉස බර කළ පසු නම්බුව විතරයි මට ඇත්තේ

සිදාදියෙන් ආපසු මගෙ
ගමට යන්න ආසයි මට
ඒත් ගමට යන්නට දැන්
පාර මතක නැත්තේ.

ඉතිරි ව ඇති සුළු වස්තුව
රැකගෙන ආපසු  ළුන්නට
ඈත ඉදන් අත වනාලා
අම්මේ මට ගමට එන්න
පාර කියා පන්නේ

බෝමළුවේ සුදුවැල්ලේ
බෝධිය මුල දණ ගහලා
නිවන් ලබා හිත නිවන්න
අම්මේ මට ගමට එන්න පාර කියා පන්නේ

මැණික් ගඟෙන් දිය නාලා
ඇඟපත ගිනියම් දුරලා
කිලිකුණු සෝදා හරින්න
අම්මේ මට ගමට එන්න පාර කියා පන්නේ

වල් බිහි වී ගිය හේනේ
වල් පැළ උදුරා දමලා
පැළ ඉනි වැට තර කරලා
අලුතෙන් බිජුවට  ඉහලා
රන් අස්වනු නෙළාගන්න
අම්මේ මට ගමට එන්න පාර කියා පන්නේ

කුඩා නිවස

e0b6b4e0b78ae0b78fe0b6bae0b6b8e0b6b4e0b783

පින් සිදු වන්නේ -  අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස - කඩා බිම නොදමන්නේ

වනේ පුරාසොයා ගොසින්කෝටු  කඩා ලා
කුඩා කුඩා කැබලි තුඩින් මෙහි ගෙනවිල්ලා
ග‍සේ මුදුන් අත්ත උඩින් කෝටු   තබාලා
උදේ පටන් දවස පුරා කූඩු      තනාලා

කොළේ කොළේ දමා කුඩා නිවස සදන්නේ
මගේ දයා බිරිඳ නිතර එය     සරසන්නේ
රැලේ රැලේ පුළුන් දමා යහන    සදන්නේ
අගේ මටයි ළදරුවනේ එය   නොකඩන්නේ

දෙමාපියන් සෙනේ වෙතේ  තම   දරුවන්ටා
ළමා ඔබෙන් අපට නැතේ මිහි පිට   ඉන්ටා
සමා වෙලා මෙ අප වෙතේ දිවි රැක  ගන්ටා
නමා යදිමි දෙන්න අනේ මෙතන   රැඳෙටාන්

අවුරැද්ද


madumi

අවුරැදුදත් කිට්ටු කිට්ටු
එරබදු මල් පොට්ටු පොට්ටු….


මේ අවුරැදු කාළේ සිනහ වෙයන් රාලේ
තෙල් ඉහි‍රෙන කැවුම් ගෙඩිය වාගේ………..

මේ අපට ළගා වන්නේ සිංහල හින්දු අලුත් අවුරැද්දයි. හැම කෙනාගෙම හිතේ තියෙන තරහ මරහ අමතක කරල සතුටු සිත්වලින් පිරී ඉතිරිල ගිහිල්ලා.අවුරැදු කාලෙ ළං වන විට අපිට මුලින්ම ඇහෙන්නේ කොහා කෑ ගහන සද්දෙ තමයි. අමතරව රතිඥ්ඥා සද්දේ රබන් ගසන සද්දේද අපිට ඇසෙනව. අවුරැද්ද කියන්නෙ මීන රාශියේ සිට මේශ රාශියට සංක්‍රමනය සිදුවීම තමයි අවුරැද්ද කියන්නේ.අවුරැද්දට අවුරැදු ක්‍රීඩා සැම දෙනාම එක්හසු වී සතුටු වෙමින් විනේද වෙමින් කරනවා’සාමයේ මල් රටට පුබුදුවන කිරි ඉතිරෙන සුභම සුභ අලුත්  අවුරැද්දක් වේවා